ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

දිනය : 2022-05-27

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට  පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ අතර ‍ධරනී ශිරන්තා විජයතිලක මිය, ජයන්ත එම්. ස්වාමිනාදන් මහතා, ඒ. ඒ. මොහොමඩ් ෆාතිහු මහතා සහ සෙල්ලතම්බි සුමිත්‍රා මිය හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස නැවත පත් කිරීම සඳහා ද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවිය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි