ස්ථාවර නියෝග සංශෝධනය කරමින් “කෝප්”, “කෝපා” ඇතුළු සියලු පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී - සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන |
දිනය : | 2022-05-20 |
ස්ථාවර නියෝග සංශෝධනය කරමින් කෝප්, කෝපා ඇතුළු සියලු පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩිකිරීමට යෝජනාවක් අද හෝ ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
“රජය හැටියට අද දින හෝ ඉදිරි සතියේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට භාර දෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා), පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ අනෙකුත් කාරක සභාවලට බලය පැවරෙන ආකාරයෙන්.”
“දැනට ගරු සභාපතිතුමාල විශාල සේවාවක් කරලා සාම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතනින් එහාට ගමන් කරන්න අවශ්‍ය බලතල ප්‍රමාණවත් නෑ. අන්න ඒ බලතල ප්‍රමාණය අදාළ කාරක සභාවලට ලබාගැනීම සඳහා මා සභානායක ලෙස සාකච්ඡා කරලා ඒ කෙටුම්පත ඔබතුමාට භාරදෙනවා. ඒ අනුව වඩාත් ඵලදායීව ගමන් කරන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.”
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






