පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයේ වැඩ අරඹයි |
දිනය : | 2022-05-19 |
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී නියෝජ්‍ය කථානායකවරයා ලෙස සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
හිටපු නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඔලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු නව නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත්කරගැනීම සඳහා නම් දෙකක් පාර්ලිමේන්තුවේදී යෝජනා වූ අතර මෙහිදී වැඩි ඡන්ද 31 ලබාගනිමින් ගරු අජිත් රාජපක්ෂ මහතා පසුගිය (17) දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 29 වැනි නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්විය.
ගරු අජිත් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු හම්බන්තොට හුංගම විජයබා ජාතික පාසැලෙහි ආදි ශිෂ්‍යයෙකි.
ගරු අජිත් රාජපක්ෂ මහතා ලංකාවේ ලාබාලතම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස 1997 වසරේදී අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තේරී පත්විය. එසේම ඔහු 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. එතැන් පටන් 2020 වසර දක්වා වසර 21 කට ආසන්න කාලයක් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දකුණු පළාත් සභාව නියෝජනය කළ අතර 1999 වසරේදී ඔහුට ශ්‍රී ලංකාවේ ලාබාලතම පළාත් සභා මන්ත්‍රීවරයා ලෙස ජාතික යොවුන් සම්මානයද හිමි විය. එසේම හෙතෙම දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබේ.
නියෝජ්‍ය කථානායකවරයා සිය ධූරයේ වැඩ ආරම්භ කළ මෙම අවස්ථාවේ ආගමික වතාවත් ඉටුකිරීම සඳහා මුල්ගිරිගල මැටිගන්නල රම්බා රජමහා විහාරයේ විහාරාධිපති, මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිගල්ලේ සරණපාල නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක, අම්බන්තොට ථේරපුත්තාභය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නාහිමි සහ හාතාගල රජමහාවිහාරයේ විහාරාධිපති, බස්නාහිර පළාත් බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය වංගීෂ්වර නාහිමි සහභාගී වූහ.
එසේම මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චමල් රාජපක්ෂ, ගරු ඩී.වී. චානක, ගරු යදාමිණී ගුණවර්ධන, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු සිසිර ජයකොඩි, ගරු සමන්ප්‍රිය හේරත්, ගරු ඩී. වීරසිංහ, ගරු අරවින්ද් කුමාර්, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු චන්දිම වීරක්කොඩි, ගරු බී.වයි.ජී. රත්නසේකර, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති සහ ගරු මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ. තවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ ගරු අජිත් රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










