ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරයට ඇස්. ජගත් සමරවික්‍රම මහතා පත් වෙයි

දිනය : 2022-05-19

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකොරළ මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරය සඳහා ඇස්. ජගත් සමරවික්‍රම මහතා අද (19) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකොරළ මහතා ඝාතනයට ලක්වූ අතර මේ නිසා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් ඇති විය. මෙම පුරප්පාඩුව සඳහා ඇස්. ජගත් සමරවික්‍රම මහතාගේ නම සඳහන් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය (17) වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදි. මේ අනුව මෙසේ අද දින ඇස්. ජගත් සමරවික්‍රම මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ජගත් සමරවික්‍රම මහතා මොනරාගල කවුඩාව ජාතික පාසලේ සහ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු දිඹුලාගල වැලිකන්ද දෙගොඩපත්තුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වර්තමානයේ කටයුතු කරයි. පසුගිය මහ මැතිවරණයේදී හෙතෙම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පස් වැනියා ලෙස මනාප ලබාගෙන තිබුණි.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි