ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට අදාළව ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජය වෙයි

දිනය : 2022-05-17

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ  ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය යෝග්‍ය පරිදි ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විපක්ෂය විසින් මීට පෙර ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තුවේ  අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද විවාදයට ගැනීමට අදාළව ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජය විය. මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 68ක් ද විපක්ෂව ඡන්ද 119 ක්ද හිමිවිය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එය ස්ථිර කරන ලදී.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම සදහා විපක්ෂය මගින් ගෙන ආ යෝජනාව පසුගිය 11 වන දින න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර, මෙම යෝජනාව ස්ථාවර නියෝග අනුව විවාදයට ගැනීමට හැකියාව ලැබෙනුයේ සම්පූර්ණ දින පහකට පසු එනම් ලබන 20 වැනිදාය.

අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු  එම්.ඒ. සුමන්තිරන් මහතා ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනා කළ අවස්ථාවේදී ඊට කාරක සභාවේ එකඟත්වය හිමිවී ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි