21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා මහජනතාවගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ |
දිනය : | 2022-05-09 |
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජනබලවේගය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දුන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත.
ඊට අදාළ සබැඳිය පහත දැක්වේ.
https://www.parliament.lk/si/const-amendment-proposals
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජේදාස රාජපක්ෂ මහතා මෙලෙස පෞද්ගලික මන්ත්‍රී පනත් පනත් කෙටුම්පත් කථානායකවරයා වෙත බාර දුන්හ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට පසුගියදා පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා සාමාජිකයන් රැස්වූ අවස්ථාවේදී තීරණය කළහ. මේ අනුව මීට අදාළව යෝජනා ලබා දෙන ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.
මේ වන විට ලැබී ඇති කෙටුම්පත්වල අන්තර්ගත යෝජනා ඇසුරින් ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිත අතර අදාළ ඉදිරි පියවර සඳහා මේ වන විට මෙම පනත් කෙටුම්පත් නීතිපතිවරයාට යොමු කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






