IMF සාකච්ඡාවල ප්‍රගතියට අදාළව මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවවේදී සාකච්ඡා කෙරේ |
දිනය : | 2022-05-04 |
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග මුදල් අමාත්‍ය ගරු අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශයීය නිවේදන යටතේ මුදල් අමාත්‍යවරයා විසින් අද (04) සිදුකරන ලද ප්‍රකාශයට අදාළව විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්විනි.
අද පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන)” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඉදිරිපත්කරන ලදී.
ඒ අනුව, පනත් කෙටුම්පතේ I වන උපලේඛනය සමඟ කියවිය යුතු 2(1) වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවට අනනුකූල බවත් එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි විශේෂ බහුතරයකින් පමණක් බවට දක්වා ඇති අධිකරණයේ තීරණය ඇතුළු ශ්‍රේෂඨාධිකරණ නිර්දේශ ඊට ඇතුළත් වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2022 ජනවාරි 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මෙම නම් කිරීම සිදුකොට තිබේ.
එසේම අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරන බව කථානායකවරයා සභාවට නිවේදනය කළේය.
අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග මුදල් අමාත්‍ය ගරු අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මුදල් අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයට අදාළව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් විසින් අදහස් දක්වනු ලැබූ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්විනි.
අනතුරුව හෙට (05) පෙ.ව. 10.00 දක්වා සභාව කල් තබන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






