ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩසටහනක්

දිනය : 2022-04-25

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක්  එළඹෙන 27 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම්කොට තිබේ.

මේ අනුව එළඹෙන 27 වැනිදා පස්වරු 2.30 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 දී මෙම විශේෂ වැඩසටහන පැවැත්වෙන අතර මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසිනි.

මේ සඳහා ප්‍රධාන සම්පත්දායකයා ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ මහතා යි. ඔහු  ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරමින් සිටී. එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටී.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි