අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ වැඩ අරඹයි |
දිනය : | 2022-04-19 |
අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ වැඩ ඇරඹීය. අද (19) උදෑසන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දි සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන හා වැවිලි කටයුතු අමාත්‍ය ගරු රමේෂ් පතිරණ, ජනමාධ්‍ය අමාත්‍ය ගරු නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ, ගරු පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු මිලාන් ජයතිලක, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වුහ.
9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් වු ගරු ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා ද වේ. පාර්ලිමේන්තු ඉතිහාසය අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක ධුරය මුලින්ම දරා ඇත්තේ ගරු ආර්.එස්.එන්. ගුණවර්ධන මහතාය. ගරු ඒ.ඊ. ගුණසිංහ, ගරු සි.ඩබ්.ඩබ්. කන්නන්ගර, ගරු ඩබ්.ජේ.සි. මුණසිංහ, ගරු ජේ.ඩි. වීරසේකර, ගරු එස්.කේ.කේ. සූරියආරච්චි, ගරු එම්.පි. ද ඉසඩ් සිරිවර්ධන, ගරු ජේ.ආර්. ජයවර්ධන, ගරු කේ.බී. රත්නායක, ගරු වින්සන්ට් පෙරේරා, ගරු ආචාර්ය විමල් වික්‍රමසිංහ, ගරු රිචඩ් පතිරණ, ගරු රෙජි රණතුංග, ගරු මහින්ද සමරසිංහ, ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු ගයන්ත කරුණාතිලක හා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරා තිබේ. ඇමති ගරු ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර මෙම තනතුර දැරූ ගරු රෙජි රණතුංග මහතාගේ පුත්‍රයෙකු ද වේ. ඔහු ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර මීට පෙර බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව රණතුංග මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ද ආරක්ෂා කරමින් අදාළ තනතුරේ කටයුතු කිරිම සිය අපේක්ෂාව බවයි. පවතින තත්ත්වය තුළ ජනතා විශ්වාසය රැක ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ගත යුතු හා ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුව ගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා නව වන පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරයේදී සභානායක ධුරය සඳහා ඊයේ (18) දින සිට බලපැවැත්වෙන පරිදි යළි පත් කොට ඇති බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









