මාතලේ උකුවෙල ප්‍රාදේශිය සභාවට සහ පුස්තකාලයාධිපතිවරුන්ට පාර්ලිමේන්තුවෙන් විශේෂ වැඩසටහනක් |
දිනය : | 2022-04-07 |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව , “පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” දැනුවත් කිරීමේ වැඩසටහන්හි තවත් එක් පියවරක් පසුගියදා මාතලේ උකුවෙල ප්‍රාදේශිය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සහ පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි මෙනෙවියගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාරක සභා ක්‍රමය පිළිබඳව මාතලේ උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාලයන්හි පුස්තකාලායාධිපතිවරුන් දැනුවත් කෙරිණි.
පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශිත සාර සංහිතා ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ කට්ටලයක් පුස්තකාල සඳහා ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












