ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවෙන් මහ බැංකුවට වැඩසටහනක්

දිනය : 2022-04-05

පාර්ලි‍‍මේන්තු කටයුතු සහ ක්‍රමවේදය පිලිබඳ දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ එක්  පියවරක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් පිරිසක් සඳහා සංවිධානය කෙරුණු  විශේෂ වැඩසටහනක්  පසුගියදා සාර්ථකව අවසන් විය. මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා මහබැංකුවේ  නිලධාරීන්ට අත්‍යවශ්‍ය  වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ  ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සම්බන්ධව දැනුවත් කිරීම සිදු කරන ලදී.
 
මෙහිදී පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකමි කුෂානි රෝහණදීර මැතිනිය විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ද සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක  මහතා   විසින් කාරක සභා ක්‍රමය පිළිබදව සංක්ෂිප්ත හැඳින්වීමක් ද ඉදිරිපත් කළ අතර ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් ව්‍යවස්ථාදායකය සහ පනත් කෙටුම්පත්කරණය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සිදුකෙරිණි.  
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ නිවැරදි දැනුම සහ තොරතුරු ජනගත කිරීමේ අරමුණින් සන්නිවේදන දෙපාර්තමේන්තුව දියත් කෙරෙන මෙම වැඩසටහන්  මාලාව මාර්ගගත ක්‍රමයට මෙන්ම බාහිර වැඩසටහනක් ලෙසද  විවිධ රාජ්‍ය ආයතන  සහ පාසැල් සමඟ ඉදිරියට ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි