දකුණු කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා කථානායකතුමා හමු වෙයි |
දිනය : | 2022-04-06 |
දකුණු කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය යුන් චියෝල් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පසුගියදා (01) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම විශේෂ හමුවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජියෝන් වූජින් මහතා ද එක්ව සිටියේය.
දකුණු කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා දකුණු කොරියානු රජයේ සහයෝගය නිරතුරුව ලබා දෙන බව කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. කථානායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීම සඳහා දකුණු කොරියාව ඇතුළු මිත්‍ර රටවල සහයෝගය අත්‍යවශ්‍ය බවයි.
මෙම අවස්ථාවට දකුණු කොරියාවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රූ ඩයී යොන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතාද සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














