ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හන්දැස්ස අන්නූර් ප්‍රථමික විදුහලේ සිසු සිසුවියන් සඳහා පාර්ලිමේන්තුවෙන් විශේස වැඩසටහනක්

දිනය : 2022-03-31

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහනක් මහනුවර, හන්දැස්ස අන්නූර් ප්‍රථමික විදුහලේ සිසු සිසුවියන් සඳහා පසුගියදා මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

මෙහිදී, පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) එම්.යු.එම්. වාසික් මහතා පාර්ලිමේන්තුව පිළිබඳ හැඳින්වීම සිදුකළ අතර මහජන සේවා නිලධාරී යස්රි මොහමඩ් විසින් 'කුරුළු පාර්ලිමේන්තුව' පිළිබඳ කතාව ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුව හා සබැඳි විස්තර ඇතුළත් ඡායාරූප මහජන සේවා නිලධාරී පී. රුද්‍රකුමාර් විසින් ඉදිරිපත් කරන ලද අතර මාධ්‍ය නිලධාරී නුස්කි මුක්තාර් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම වැඩසටහනට අන්නූර් ප්‍රථමික පාසලේ විදුහල්පති ඒ.එම්.එම්. අනස් මහතා ඇතුළු ගුරුවරුන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටියහ.  

ඔබගේ විශ්වවිද්‍යාලයට, ආයතනයට, පාසලට හෝ සංවිධානයට මෙවැනි ආකාරයේ දැනුවත්කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.

පී. රුද්‍රකුමාර් - 0770055502
ජෙයප්‍රකාශ් - 0715352672

 

2 3

8 9

10 11

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි