ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි |
දිනය : | 2022-03-31 |
ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනට් සභික ජොඑල් ගෙරියෝ (Joel Guerriau) මහතා ඇතුළු ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය. එම සංගමයේ උප සභාපති, සෙනට් සභික ඇනික් ජැක්මෙට් (Annik Jacquemet) මහත්මිය, එම සංගමයේ සාමාජික, සෙනට් සභික ඇලන් හූපර් (Alain Houpert) මහතා සහ එම සංගමයේ විධායක ලේකම් ඈන් ලෝරා (Anne Laure) මහත්මිය ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නියෝජිත පිරිස කථානායකවරයාගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වූ අතර එම අවස්ථාවේ මුලසුන දැරූ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා විසින් ප්‍රංශ නියෝජිත පිරිස පිළිගනිමින් සභාවට විශේෂ නිවේදනයක් ද ඉදිරිපත් කළේය.
අනතුරුව දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් අතර විශේෂ හමුවක් පැවත්විණි. මෙහිදී නියෝජිත පිරිස පිළිගනිමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා පැවසුවේ දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ශක්තිමත් සබඳතා දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට අපේක්ෂා කරන බවයි. ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) හරහා ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සැපයීමෙහිලා සිදුකරන කාර්යභාරය පිළිබඳවද එතුමා සිය කෘතවේදීත්වය පළ කළේය.
ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනට් සභික ජොඑල් ගෙරියෝ (Joel Guerriau) මහතා මෙහිදී පැවසුවේ විවිධ අංශවලින් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නිරතුරුව දායකත්වයක් දක්වන බවත්ය. මෙරට කථානායකවරයා ඇතුළු දූත පිරිසකට ප්‍රංශයේ සංචාරයකට එක්වන ලෙසටත් ඒ මහතා ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා ද ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජේ. සී. අලවතුවල, යදාමිණි ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, හෙක්ටර් අප්පුහාමි, කෝකිලා ගුණවර්ධන, මේජර් සුදර්ශන දෙණිපිටිය, වසන්ත යාපා බණ්ඩාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










