ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීමට ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ

දිනය : 2022-03-22

“සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය ප්‍රකාරව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද සභාවට නිවේදනය කරන ලදී.  

මේ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන හේෂා විතානගේ, වරුණ ලියනගේ, කිංස් නෙල්සන්, අනූප පස්කුවල්, සුදත් මංජුල, වසන්ත යාපාබණ්ඩාර, බී. වයි. ජී. රත්නසේකර සහ  ලලිත් වර්ණ කුමාර යන මහත්වරු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් නම්කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කර සිටියේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි