ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2022-03-16

පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස සිලෝන් සිනමන් (Ceylon Cinnamon) වැනි නිෂ්පාදන  එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළඳ ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය. මේ අනුව සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් (Ceylon Pepper), සිලෝන් කැෂු (Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීම සිදුවේ.

ඒ අනුව මෙම පනත 2022 අංක 8 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත ලෙස අද (16) සිට බලාත්මක වේ. මෙම අවස්ථාවට වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි