ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි |
දිනය : | 2022-03-16 |
• පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැස්වේ
• මාර්තු 25 වන දින අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් වේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට අද (16) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
මේ අනුව අදාළ සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මතකර ගැනීමට ද නියමිත ය.
එදින පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වන අතර පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
මාර්තු 23 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පළ කළ 2251/48, 2262/50 සහ 2266/5 යන අංක දරන ගැසට්පත්‍ර මගින් පනවන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.
මාර්තු 24 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය. තවද ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර 2022 ජනවාරි 28 දින ඇති කරගන්නා ලද ගිවිසුම දේශීය ආදායම් පනතට අනුව එදින අනුමත කරගැනීමට ද නියමිතය.
පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැස්වන අතර 25 වැනිදා හැර අන් සෑම දිනකම පෙ.ව. 10.00- පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. තවද මාර්තු 25 වැනිදා හැර මෙම දින හතරෙහිදීම ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ගෙනා යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද තීරණය වී තිබේ.
මාර්තු 25 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා හිටපු මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් වී ඇත. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු බැටී වීරකෝන් මහතා , ගරු තංගේශ්වරී කදිරගාමර් මහත්මිය, ගරු ජස්ටින් ගලප්පත්ති මහතා සහ ගරු එම්. එස්. සෙල්වසාමි මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇත.
ඒ අනුව එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27 (2) යටතේ පක්ෂ නායකයන් විසින් අසන ප්‍රශ්න, සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා කාලය වෙන් නොවේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






