“පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” වැඩසටහන මහජන පුස්තකාලයෙන් ඇරඹේ |
දිනය : | 2022-03-15 |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සමීපව සන්නිවේදනය කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද “පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” වැඩසටහනෙහි සමාරම්භය පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදි සිදුවිය.
පාර්ලිමේන්තුව පිළිබඳව රචිත ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන කට්ටල දිවයිනම ආවරණය වන පරිදි මහජන හා පාසල් පුස්තකාල වෙත බෙදා හැරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙහි තවත් එක් ඉදිරි පියවරක් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහ පුස්තකාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික වටිනාකම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යභාරය , කාරක සභා ක්‍රමය පිළිබඳ පුස්තකාලයේ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශිත පාර්ලිමේන්තු සාර සංහිතා ග්‍රන්ථය ඔවුන් වෙත පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණි.
මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තුවේ මහලේකම්තුමන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු වෙත කොළඹ මහජන පුස්තකාලයේ සමාජික කාඩ්පත් තිළිණ කිරීමද සිදු වූ අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තම්න්තුව මඟින් ප්‍රකාශිත සාරසංහිතා ග්‍රන්ථය පුස්තකාලයාධිපතිනිය වෙත තිළිණ කිරීමද මෙහිදී සිදුවිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මැතිනිය, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසකගේ දායකත්වය සැපයීම විශේෂත්වයක් විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















