පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට |
දිනය : | 2022-03-04 |
• පාර්ලිමේන්තුව මාර්තු 8 සිට 11 දක්වා රැස්වෙයි
• බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 8
• කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 10
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් ලබන සතියේ විවාදයට ගැනීමට නියමිතය. ඊයේ (03) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව තීරණය වී ඇත.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස් වීමට නියමිතය. ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වන අතර පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
එසේම මාර්තු 9 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) විවාදයට ගැනීමට නියමිතය.
මාර්තු 8 සහ 9 දෙදින පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. තවද මෙම දෙදින ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ගෙනා යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ අතර මාර්තු 10 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය. ඉන් අනතුරුව ප.ව. 12.30 සිට දිවා විවේකයකින් තොරව ප.ව. 5.30 දක්වා රටේ පවතින බලශක්ති අර්බුදය පිළිබද සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ද මෙම රැස්වීමේදී තීරණය විය.
මාර්තු 11 වැනිදා පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර ඉන් අනතුරුව පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා මන්ත්‍රීවරයන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා “වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයන් සමාජය තුළ සක්‍රීය පුද්ගයන් බවට පත් කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම” පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා “දේශීය බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පණ ගැන්වීම” පිළිබඳ කළ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය “ශ්‍රී ලංකාවේ මනෝ උපදේශකවරුන් / මනෝ චිකිත්සකවරුන් නියාමනය කිරීම” පිළිබඳ කළ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට නියමිතය.
අනතුරුව ප.ව. 3.00 සිට ප.ව. 5.30 දක්වා ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට මෙහිදී තිරණය වී තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






