ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට පිළිගැන්වේ

දිනය : 2022-03-02

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පසුගියදා පිළිගැන්වීම සිදුවිය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට කෘතිය පිළිගැන්වූ අතර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නි‍වේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා මහතා සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය කළමනාකරු නිම්මි හාතියල්දෙණිය මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.

පසුගිය 8 වැනිදා ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම සිදුකෙරිණි.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. 

 

 

12

34

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි