‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ ගරු කථානායකවරයාට පිළිගැන්වේ |
දිනය : | 2022-02-18 |
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පසුගියදා පිළිගැන්විණි.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගරු කථානායකවරයාට කෘතිය පිළිගැන්වූ අතර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා මහතා සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය කළමනාකරු නිම්මි හාතියල්දෙණිය මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.
පසුගිය 8 වැනිදා ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම සිදුකෙරිණි.
ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









