අද පාර්ලිමේන්තුව - 2022.02.23 |
දිනය : | 2022-02-23 |
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට - ගරු කථානායකවරයා නිවේදනය කරයි
- බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- විපක්ෂය ගෙනා යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය ප.ව. 5.30 දක්වා
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් අසූ හතක් (87) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් අසූහත, 2022.02.22 දින තමා වෙත භාර දෙන ලද ඒවා බවත් කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරය සහිතව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් 2021.02.25 වැනි දින සභාගත කරන ලද බවත් කථානායකවරයා නිවේදනය කළේය.
මේ අතර පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථිර කරන ලදී.
එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව සභානායක අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුව අද දින පෙ.ව. 10.00 ට රැස්වූ අතර පෙ.ව. 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්ව තිබිණි. ඉන් අනතුරුව ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම පිණිස බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එම පනත් කෙටුම්පතට අදාළ යොමුව පහත දැක්වේ.
http://documents.gov.lk/files/bill/2022/2/181-2022_S.pdf
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර ප.ව. 5.20 දක්වා පැවති විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් අදහස් පළ කළහ. අනතුරුව සභාව තුළ ගණපූර්ණය පිළිබඳ මන්ත්‍රීවරයෙක් විමසන ලදුව, අවශ්‍ය ගණපූර්ණය නොමැති වූ බැවින් පාර්ලිමේන්තුව හෙට (24) පෙ.ව. 10.00 දක්වා කල්තැබීම සිදුවිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






