වැවිලි කර්මාන්තයට අදාළ නියෝග ඇතුළත් ගැසට් පත්‍ර ද්විත්වයකට අද (22) පාර්ලිමේන්තුවේ අනුමතිය |
දිනය : | 2022-02-22 |
වැවිලි කර්මාන්තයට අදාළ ගැසට් පත්‍ර ද්විත්වයක නියෝග අද (22) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව අනුමත විය.
මේ අනුව 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ 2021 අප්‍රේල් 08 දිනැති අංක 2222/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව 2022.01.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ නියෝග සඳහා අනුමතිය හිමිවිය.
නිෂ්පාදන ද්‍රව්‍ය (තේ) තැරැව්කරුවකුගේ බලපත්‍රයක් සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියනයක් දක්වා සංශෝධනය කිරීම ඇතුළු සංශෝධන ඊට අයත් වේ.
ඊට අදාළ ගැසට් පත්‍රය සඳහා යොමුව පහත දැක්වේ
http://documents.gov.lk/files/egz/2021/4/2222-44_S.pdf
තවද රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ 2021 අගෝස්තු 18 දිනැති අංක 2241/36 දරන අති විශේෂ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 2022.01.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නියෝග සඳහාද අද අනුමැතිය හිමිවිය. මෙම නියෝග 2021 අංක 1 දරන රබර් නැවත වගා කිරීමේ සහනාධාර නියෝග වශයෙන් හඳුන්වනු ලබන අතර 2019 ජනවාරි මස 6 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. රබර් පාලන පනත යටතේ රබර් නැවත වගා කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇති යම් රබර් වත්තක හෝ කුඩා රබර් ඉඩමක හිමිකරු විසින් එහි රබර් පැළ නැවත වගා කිරීම සඳහා සහනාධාරයක් ලබා ගැනීමට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත.
ඊට අදාළ ගැසට් පත්‍රය සඳහා යොමුව පහත දැක්වේ
http://documents.gov.lk/files/egz/2021/8/2241-36_S.pdf
එසේම අධිභාර බද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධ සහ අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස අධිභාර බද්ද පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී.
ඊට අදාළ පනත් කෙටුම්පත සඳහා යොමුව පහත දැක්වේ
http://documents.gov.lk/files/bill/2022/2/173-2022_S.pdf
අද පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් වූ “විශේෂ භාණ්ඩ හා සේවා බදු” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කරන ලදී.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබූ අතර ස්ථාවර නියෝග 27(2) යටතේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනමාධ්‍ය සහ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳව විමසන ලදී.
ප.ව. 4.30 දක්වා උක්ත දැක්වූ නියෝග පිළිබද පැවැති විවාදයෙන් අනතුරුව එම නියෝග සඳහා අනුමැතිය හිමිවූ අතර ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්ව තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කි.මි. 20 මාර්ගයේ ඉදිකිරීම් වියදම් පිළිබදව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේය. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීමේදී අගරු චෙක්පත්වලින් සිදුකර ඇතැයි කියන සිදුවීම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් ගරු මුදල් අමාත්‍යවරයාගෙන් විමසන ලදී.
ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුප පස්කුවල් මහතා විසින් ඩෙංගු රෝගය මර්දනය සඳහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.00 දක්වා කල් තැබීම සිදුවිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






