ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පනත් කෙටුම්පත් 5කට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2022-02-18

පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 5 ක් සදහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (17) සටහන් කළේය.

මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2022 අංක 3  දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 6  දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත ලෙස ඊයේ (17) සිට බලාත්මක වේ.

 

act

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි