ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව පෙබරවාරි 22 සිට 25 දක්වා රැස්වේ

දිනය : 2022-02-18

  • පෙබරවාරි 23 විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීමේ විවාදයක්
  • පෙබරවාරි 25 වැනිදා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු‍ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් වේ

 

පාර්ලිමේන්තුව පෙබරවාරි 22 සිට 25 දක්වා රැස්වීමට අද (17) පෙරවරුවේ ගරු  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

මේ අනුව පෙබරවාරි 22 වැනිදා පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

පෙබරවාරි 23 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟ වී ඇත.

පෙබරවාරි 24 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම), ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත යටතේ නියමයක්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පහක් සහ  ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.

මේ අතර පෙබරවාරි 25 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු‍ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් වී ඇත. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන  ගරු ආනන්ද රත්නායක (පොළොන්නරුව දිස්ත්‍රික්කය), ගරු ආර්.ආර්.ඩබ්. රාජපක්ෂ (කුරුණෑගල දිස්ත්‍රික්කය), ගරු සෝමවීර චන්ද්‍රසිරි (ජාතික ලැයිස්තුව), ගරු පී.බී. දිසානායක (අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ ගරු එච්.ආර්. මිත්‍රපාල (කෑගල්ල දිස්ත්‍රික්කය) යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට අභාවප්‍රාප්ත එක් මන්ත්‍රීවරයෙක් සඳහා මිනිත්තු 75 බැගින් කාලය වෙන් කර ඇත.  ඒ අනුව එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27 (2) යටතේ පක්ෂ නායකයන් විසින් අසන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා කාලය වෙන් නොවේ.

මේ අතර පෙබරවාරි 22 වැනිදා  සිට 24 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

එසේම පෙබරවාරි 22 සහ 24 දෙදින ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි