ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට” වැඩසටහනේ පළමු පියවර කොළඹ මහජන පුස්තකාලයේදී

දිනය : 2022-02-17

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව, “පාර්ලිමේන්තුවෙන් පුස්තකාලයට”  වැඩසටහනෙහි සමාරම්භය පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදි සිදුවිය. පාර්ලිමේන්තුව අරබයා  රචිත  ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන කට්ටල දිවයිනම ආවරණය වන පරිදි මහජන හා පාසල් පුස්තකාල වෙත බෙදා හැරීම මෙම වැඩසටහනේ අරමුණයි.  

මෙම අවස්ථාවට මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනි වරුණි ගඟබඩආරච්චි මහත්මිය, නියෝජ්‍ය  පුස්තකාලයාධිපතිනි චින්තා අයිලප්පෙරුම මහත්මිය , පුස්තකාලයේ සෙසු නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ  සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වූ අතර මෙම කාර්යය  පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එච්. ඊ. ජනකාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදුවිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික වටිනාකම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, කාරක සභා ක්‍රමය  මෙන්ම අතීතයේ  සමාජයීය, දේශපාලනික පෙරළියන් හමුවේ පාර්ලිමේන්තුව ආ දීර්ඝ මග පිළිබඳව රචිත කෘති සහ අත්පත්‍රිකා කට්ටලයක් මෙසේ දිවයින පුරා පුස්තකාල සහ ආයතන වෙත බෙදාහැරීම පාර්ලිමේන්තුව වඩාත් මහජනයා වෙත සමීපස්ථ වීමෙහි තවත් එක් පියවරකි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ උපදේශකත්වයෙන් ඇරඹුණු  මෙම  ක්‍රියාවලියෙහි සක්‍රීය පාර්ශවකරුවකු වීමට ඔබ/ඔබේ පුස්තකාලය සූදානමින් සිටින්නේ නම් පහත දුරකතන මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය.


පාර්ලිමේන්තුවේ මහජන සේවා අංශය - 0112777138
ජෙය ප්‍රකාශ් (මහජන සේවා සම්බන්ධීකාරක) - 0715352672

 

12

34

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි