ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 වසරේ පළමු පනතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2022-02-15

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.

ඉකුත් 8 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය.

මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස් වීම ඇතුළු  සංශෝධන සිදුවේ.

ඒ අනුව මෙම 2022 අංක 1 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත ඊයේ ( 14) සිට බලාත්මක වේ.

 

act

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි