ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආයතන කිහිපයක් ඉදිරි දිනවල ‘කෝප්’ කමිටුව හමුවට

දිනය : 2022-02-14

එළඹෙන දිනවලදී ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවා ඇත. පසුගිය සභාවාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වේ.

මේ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ද  පෙබරවාරි 24 වැනිදා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය මාර්තු 10 වැනිදා ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්තු 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.

තවද මාර්තු 23 වැනිදා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ද මාර්තු 24 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය ද මාර්තු 25 වැනිදා  මහජන බැංකුව ද කෝප් කමිටුවට කැඳවා ඇත.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පසුගිය 10 වැනිදා පැවති පළමු කෝප් රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැවත තේරී පත්විය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි