ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ ගරු අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වේ

දිනය : 2022-02-11

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (11) පාර්ලිමේන්තුවේදී සිදුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගරු අග්‍රාමාත්‍යවරයාට කෘතිය පිළිගැන්වූ අතර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නි‍වේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්විය.

පසුගිය 8 වැනිදා ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම සිදුකෙරිණි.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.

 

12

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි