පාර්ලිමේන්තුව පෙබරවාරි 8 සිට 11 දක්වා රැස්වේ |
දිනය : | 2022-02-07 |
පාර්ලිමේන්තුව පෙබරවාරි 8 සිට 11 දක්වා රැස්වීමට අද (07) පස්වරුවේ ගරු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
පසුගිය 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ පරිදි 8 වැනිදා සහ 11 වැනිදා දිනයන්හි පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන අතර 9 සහ 10 යන දෙදින පාර්ලිමේන්තු කටයුතු පහත පරිදි පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
මේ අනුව පෙබරවාරි 9 සහ 10 දෙදින අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) , පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන), 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද පෙබරවාරි 9 සහ 10 විවාදයට ගෙන ඒවා 10 වැනිදා පස්වරුවේ සම්මත කරගැනීමට නියමිතය.
පෙබරවාරි 8 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග ද්විත්වයක් සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතය. එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත ය.
තවද පෙබරවාරි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
එසේම පෙබරවාරි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා සෑම දිනකම ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය.
මේ අතර පෙර තීරණය කළ පරිදිම පෙබරවාරි 11 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීම සිදුවේ. ඒ අනුව එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27(2) යටතේ පක්ෂ නායකයන් විසින් මතු කරනු ලබන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා කාලය වෙන් නොවේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






