“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය දෙවැනි කලාපය එළිදැක්වීම එළඹෙන 8 වැනි දා පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2022-02-07 |
පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි කලාපය එළි දැක්වීම එළඹෙන 08 වන අඟහරුවාදා පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 1 හිදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සභභාගිත්වයෙන් සිදු කෙරේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ මගපෙන්වීම යටතේ අංශ ගණනාවක් ඔස්සේ “ පාර්ලිමේන්තු සාර සංහිතා ” ශාස්ත්‍රීය සංග්‍රහයට ලිපි ලබාගැනීම පසුගිය වසරේ සිදු කළේය.
ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. මෙහි සමාලෝචන මණ්ඩලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජී. යෝගරාජා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය ඉදිරියේදී දිවයිනේ පුස්තකාල වෙත සහ අවශ්‍ය පාර්ශව වෙත ලබාදීමට නියමිතය. එසේම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇමතීම හරහා මෙම ග්‍රන්ථය අවශ්‍ය අයෙක් වෙතොත් ලබාගත හැකිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







