නව වසරට සෙත් පතා පාර්ලිමේන්තුවේ වැඩවසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස බෝධි පූජා පිංකමක් |
දිනය : | 2022-01-04 |
2022 නව වසරට ආශිර්වාද පතා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ වැඩවසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී විශේෂ බෝධි පූජා පිංකමක් අද (04) පෙරවරුවේ පැවැත්විණ.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බෝධි පූජා පිංකම මෙහෙයවනු ලැබුවේ කෝට්ටේ සුනේත්‍රාරාමාධිපති, කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලක සභික, අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජික, නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්‍ය, පූජ්‍ය ඇලිකේවල සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ විසිනි.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක යන මහත්ම මහත්මීහු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය මෙන්ම අනුබද්ධ කාර්‍ය මණ්ඩලයද මේ අවස්ථාවට සහභාගි වූහ.
පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයීය බෞද්ධ සංගමය මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම සංවිධානය කළ අතර, එහි අරමුණ පැහැදිලි කරමින් පිළිගැනීමේ කථාව එම සංගමයේ සභාපති ශාන්ත වීරරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











