ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පිලිප් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කථා ඇතුළත් පොත් දෙකක් එළිදැක්වේ

දිනය : 2021-04-20

අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලංකාවේ අරගලයේ වීරවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා 1960 - 1964 වසරවලදී පාර්ලිමේන්තුවේදී සිදු කළ කථා ඇතුළත් පොත් දෙකක් එහි සම්පාදක හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිරිනැමීම සිදුවිය.

කථානායක නිල මැදිරියේදී සිදුවූ එම පොත් පිරිනැමීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන සහ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි