පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක් |
දිනය : | 2020-12-09 |
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවූ මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ පාර්ලිමේනතුවේ කථානායක ධුරය වෙනුවෙන් මුලසුන දරන මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ සිය කාර්යයන් ඉටු කිරීමේදී භාවිතා කළ හැකි තාක්ෂණික උපක්‍රම සහ මෙවලම් පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ භාවිතාවන් ඇසුරින් අවබෝධයක් ලබා ගැනීමයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරිය වන ගරු ඩෝන් ප්‍රිමරොලෝ මහත්මිය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් වන ඇන්ඩෲ කෙනන් මහතා ඇතුළු පිරිසක් මෙරට මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට එක්වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








