ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට

දිනය : 2020-12-03

නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට රෝහණදීර මහත්මිය මෙලෙස පත්කර තිබේ.

රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් (පරිපාලන සේවා) ලෙස කටයුතු කළ අතර, ඇය පාර්ලිමේන්තු සේවයට එක්වූයේ 1999 දී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙසිනි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තාය. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් ඇය නීති විද්‍යාලයෙන්  නීතිඥ විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා දී ඇත.

 

dsg

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි