ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

දිනය : 2020-12-02

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

මෙහිදී අදහස් දැක්වු කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට ජාතික වශයෙන් පැවරෙන වගකීම ඉටුකිරීම සඳහා  නව පොලිස්පතිවරයාට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම කථානායකවරයා, නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, ශ්‍රී ලංකා පොලිසියේ කාර්‍යභාරය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි.

 

igp

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි