ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක් අද පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2020-11-18 |
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා විශේෂ බෝධිපූජාමය පිංකමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග එක්ව මෙය සංවිධානය කෙරිණි.
මරදාන බෞද්ධායතනාධිපති පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට ගරු අග්‍රාමාත්‍යතුමාට සෙත් පැතීම සිදු කෙරිණි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා 2004 වසරේ අගමැතිව සිටි සමයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ එතුමා විසින් රෝපණය කළ බෝධීන් වහන්සේ අභියස සිට මෙම බෝධිපූජාමය පිංකම පැවැත්වීම ද විශේෂත්වයකි.
මැතිඇමතිවරු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








