2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ |
දිනය : | 2020-11-17 |
2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද පස්වරු 1.40 ට පාර්ලිමේන්තුව රැස්වූ අතර ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) ඉදිරිපත් කිරීම සිදුවිය. මෙම අයවැය වාර්තාව මෙරට ඉතිහාසයේ 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකෙන අතර ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 11වැනි අයවැය වාර්තාව වේ.
2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීම සඳහා විසර්ජන පනත් කෙටුම්පත මගින් යොජනා කොට තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වෙන අතර එළඹෙන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ. ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අද (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







