ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” පාර්ලිමේන්තුවේ දී සම්මත වේ

දිනය : 2020-10-22

“විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" පනත් කෙටුම්පත අද දින (ඔක්තෝබර් 22) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

මෙම පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් 2020 සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊයේ ආරම්භ වූ දෙවැනි වර කියවීමේ විවාදය අද දින ද පැවැත්විණි.

 

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 156; විරුද්ධව 65) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව, ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 156; විරුද්ධව 65; වැළකී සිටි 0; නොපැමිණි 01) තුන්වැනි වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි