ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතුයි - කථානායක

දිනය : 2020-10-06

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කොට තිබේ.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ අද (06) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, එමෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම, අදාල සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියලුම ගරු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම් කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම දෙනා විසින් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි