ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් යොවුන් පාර්ලිමේන්තුව අමතයි |
දිනය : | 2020-09-30 |
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පසුගිය සැප්තැම්බර් මස 29 වනදා මහරගම තරුණ සේවා සභාවේදී මෙරට පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ඇමතුවේය.
ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ක්‍රමය, එහි කාර්යභාරය, මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය සහ කාරකසභා ක්‍රමය මත පදනම් වූ එම දේශනය සඳහා යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 260 ත් පමණ සහභාගීව සිටියහ.
රටක ජීවනාලිය ලෙස සැලකෙන තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ස්ථාපිත කළ යොවුන් පාර්ලිමේන්තුවට අලුතෙන් පත් වූ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනට අනුබද්ධව මෙම තෙදින සැසිවාරය සංවිධානය කර තිබිණි.
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා දිවයිනේ විවධ පළාත් නියෝජනය කරමින් පැමිණි යොවුන් මන්ත්‍රීවරයන් අමතමින් කාරක සභාව ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ බලගතුම අභ්‍යන්තර යාන්ත්‍රණය බව පෙන්වා දුන්නේ කාරක සභා විවිධත්වය, සමානාත්මතාව සහ අන්තර්ග්‍රහණය වැනි සංකල්ප මත පදනම් වන හෙයින් ලංකාව බඳු බහුවාර්ගික, බහුආගමික රටකට එහි ප්‍රයෝජ්‍යතාවය ඉහළ බව පෙන්වාදුන්නේ ප්‍රායෝගික නිදර්ශන ඇසුරෙනි.
එම දේශනය සංවාදාත්මක ස්වරූපයෙන් පැවැත්වුණු අතර සිංහල සහ දෙමළ දෙබසින්ම සිය අදහස් දක්වමින් මෙම නවක යොවුන් මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. දේශනය අවසානයේ ප්‍රශ්න සහ පිළිතුරු වටයක්ද පැවැත්වුණු අතර යොවුන් මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එහි ක්‍රියා පටිපාටිය, සම්ප්‍රදාය සමඟ යොවුන් පාර්ලිමේන්තුව සංසන්දනය කරමින් තියුණු ප්‍රශ්න කිහිපයක් නැගූ අතර සහකාර මහලේකම්වරයා ඔවුන් සැමට පිළිතුරු ලබාදුන්නේය.
අනාගත නායකත්වය සඳහා තරුණ මන්ත්‍රීවරයන් දැනුමෙන් බලගැන්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඉදරියේදී ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සිය දායකත්වය ලබාදීමට නියමිතය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








