ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල (ASEAN) තානාපතිවරු කොවිඩ් -19 මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙල අගය කරති

දිනය : 2020-09-30

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් (ASEAN)  05 ක  තානාපතිවරු ශ්‍රී ලංකාවේ COVID 19 අභියෝගයට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව පළ කළහ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී හමුවු අවස්ථාවේදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. විධිමත් වැඩපිළිවෙලක් යටතේ  කොවිඩ් - 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ලොව රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියේම සිටින බව තානාපතිවරු මෙහිදී සදහන් කළහ.

මෙම තානාපතිවරු තම රටවල කොවිඩ් -19 තත්ත්වය සහ පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය පිළිබදව කථානායකවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල සහයෝගීතාවය අගය කළ කථානායකවරයා ඉදිරියේදී  ශ්‍රී ලංකාව මෙම රටවල් සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීමේ අරමුණින් මැලේසියාවේ සංචාරයක නිරත වන ලෙසද මෙහිදී මැලේසියානු තානාපතිවරයා කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන්හට ආරාධනා කළේය.

මේ අතර අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වන ලෙසද මෙහිදී එම තානාපතිවරු ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්වූ අතර මේ පිළිබදව ලිඛිත ආරාධනාවක් ඉදිරියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත එවන බවද තානාපතිවරු පැවසූහ.

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටෑන් යැං තායි, වියට්නාමයේ තානාපති ෆම් ති බික් නොක්, ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටි ගූරා අර්ඩියාසා, තායිලන්ත තානාපති චුලමනී චට්සුවන් සහ මියන්මාර තානාපති හන් තු යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

ගරු කථානායකතුමා සමග පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වසන්ත යාපා අබේවර්ධන යන මහත්වරු ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි