ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය

දිනය : 2020-09-18

නවවැනි පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට , තේරී පත් වූ සියලු මන්ත්‍රීවරයන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට  සෙත් පතා  මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ඊයේ ( 17) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි වැඩ සිටින ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාමය පින්කමක් පැවැත්විණි .

මෙම අවස්ථාව සදහා කොළඹ කඩවත්සතරේ ප්‍රධාන සංඝනායක , ධර්මදූතාශ්‍රම විද්‍යාලයීය පිරිවෙනෙහි, කෘත්‍යාධිකාරී  කිරින්දේ පඤ්ඤාතිස්ස හිමි, රාගම වල්පොල විද්‍යා නිවාස මහ පිරිවෙනෙහි පරිවේනාධිපති  ශාස්ත්‍රපති පණ්ඩිත ගලහ පඤ්ඤාසාර හිමි, ඇමරිකාවේ  ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති පනම්වෙල වජිරබුද්ධි හිමි, කොළඹ  10 පන්සලවත්ත ශ්‍රී බෞද්ධාරාමාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශෝභමානී, ශාස්ත්‍රවේදී  ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි යන හිමිවරු බෝධි පූජාමය පින්කම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට  වැඩම කළහ. මෙහිදී අතිපූජ්‍ය මහා සංඝරත්නය විසින් නවවැනි පාර්ලිමේන්තුව සාර්ථකව මෙහෙයවීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  සහ මන්ත්‍රීවරයන් වෙත නිසි මාර්ගෝපදේශනය ද ලබාදෙමින් අනුශාසනාවක් ද  පැවැත්වීමට කටයුතු යෙදිණ .

එම අවස්ථාවට  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්ද්වල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ. මෙම ආශිර්වාදාත්මක බෝධි  පුජා පින්කම සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමය  විසිනි.

 

bodhi-pooja-pinkama

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි