ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට සහ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් පත් කෙරේ

දිනය : 2020-09-10

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට සහ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පත් කර ඇති මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛනය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ගරු අරුන්දික ප්‍රනාන්දු, ගරු නිමල් ලාන්සා, ගරු කංචන විජේසේකර, ගරු පියල් නිශාන්ත ද සිල්වා, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, ගරු ජේ. සී. අලවතුවල, ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ, ගරු ජගත් කුමාර, ගරු කිංස් නෙල්සන්, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු නලින් ප්‍රනාන්දු, ගරු අලි සබ්රි රහීම්, ගරු මර්ජාන් ෆලීල්, ගරු ඩයනා ගමගේ යන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට පත්කොට තිබේ.

මෙයට අමතරව පහත දැක්වෙන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පත් කොට තිබේ. එම සාමාජිකයන් වන්නේ ගරු එම්.යූ.එම්. අලි සබ්රි, ගරු විජිත බේරුගොඩ, ගරු කනක හේරත්, ගරු තාරක බාලසූරිය, ගරු අනුරාධ ජයරත්න, ගරු කබීර් හෂීම්, ගරු (ආචාර්ය)විජයදාස රාජපක්ෂ, ගරු ජී. ජී. පොන්නම්බලම්, ගරු ඒ.අරවින්ද් කුමාර්, ගරු වේලු කුමාර්, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගරු ෂාන් විජයලාල් ද සිල්වා, ගරු සී. වී. විග්නේෂ්වරන්, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන්ය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි