ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

දිනය : 2020-09-08

රත්නපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ  අද (08) දිවුරුම් දුන්නේය.

අනතුරුව එතුමා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ඒ මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ජන්ද 104,237 ක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත් විය.

මීට පෙර ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති ජයසේකර මහතා වාරිමාර්ග, මහවැලි සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යධුරය, ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යධුරය ඇතුළු නියෝජ්‍ය අමාත්‍යධූර කිහිපයක් හොබවා තිබේ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි