ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කාරක සභා කාමර “ඔන්ලයින්” ක්‍රමයට වෙන්කරවා ගැනීමට අවස්ථාව

දිනය : 2020-09-07

පාර්ලිමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ තවත් පියවරක් ලෙස කාරක සභා කාමර අන්තර්ජාලය ඔස්සේ  (ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ) වෙන්කරවා ගැනීමේ පහසුකම හෙට (08)  සිට ක්‍රියාත්මක වේ.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහේශ් පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට මේ පිළිබඳ හඳුන්වා දීම අද සිදුකරනු ලැබීය.

e - අයදුම්පතක් වේත්‍රධාරී දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් කාරක සභා කාමර වෙන් කරවා ගැනීමේ පහසුකම මේ අනුව ක්‍රියාත්මක වේ.

කමිටු රැස්වීම්, උපදේශක කාරක සභා, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ රැස්වීම් ආදියට මෙම කාරක සභා කාමර  වෙන්කර ගැනීමේ හැකියාව පවතී.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි