ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම

දිනය : 2020-09-03

කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින  බවත් එම අභියෝගය ජය ගැනීමට රජය ගත් පියවර ඉතා අගය කරන බවත් ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපතිනි ට්‍රීනි යොරන්ලි එස්කඩා මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 අනතුර අවම කර ඇති බැවින් තමන්ටද මුඛ ආවරණයක් නොමැතිව ඇවිද යාමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇය පැවසුවාය.

මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඉදිරියටත් ආයෝජන මෙරට වෙත ලබා දීමට නෝර්වේ රාජ්‍ය සූදානමින් සිටින බවත් තානාපතිනිය පැවසුවාය. එමෙන්ම මේවන විට විට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණ ශිල්පීන් විශාල සංඛ්‍යාවක් තම සේවය නෝවීජියානු සමාගම් වෙත ලබා දෙන බව පැවසු ඇය ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පැවසුවාය.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නෝවීජියානු තානාපති කාර්යාලයේ නිලධාරිනී හිල්ඩේ බර්ග්හැන්සන්  මහත්මියද එක්වූහ.

 

norway-amb-visit-sep

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි