ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වේ

දිනය : 2020-09-03

ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට අද (03) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබේ.

එම රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා පරිදි ලබන 08 වැනිදා සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව , මුදල් අමාත්‍යාංශයේ කාර්‍ය සාධන වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව 2020  විවාදයට ගැනේ. එදින පස්වරු 01.00 සිට පස්වරු 06.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ.

සැප්තැම්බර් 09 වැනිදා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 09ක් , සුරාබදු ආඥා පනත යටතේ නිවේදන 10ක් විවාදයට ගැනේ. සැප්තැම්බර් 10 වැනිදා වරාය ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන 06ක්, රේගු ආඥා පනත යටතේ නියමයන් 03ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා 06ක් ද විවාදයට ගැනේ.

සැප්තැම්බර් 09 වැනිදා පස්වරු 01.00 සිට පස්වරු 07.30 දක්වාත් , සැප්තැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 07.30 දක්වාත් පාර්ලිමේන්තුව රැස්වේ.

සැප්තැම්බර් 11 වැනිදා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ගරු ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කෙරේ. එදින පෙරවරු 10.30 සිට පස්වරු 06.30 දක්වා ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කෙරෙන අතර, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු, මැති ඇමැතිවරුන් රැසක් තොන්ඩමාන් මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.

මේ අවස්ථාවට සභානායක අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරු ද,  ගරු චමල් රාජපක්ෂ, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු මහාචාර්ය ජී.ඇල් පීරිස්, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු විමල් වීරවංශ, ගරු මහින්ද අමරවීර සහ ගරු ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද ගරු මහින්ද සමරසිංහ, ගරු ගයන්ත කරුණාතිලක, ගරු රවුෆ් හකීම්, ගරු ඩිලාන් පෙරේරා, ගරු ආර්.එම්.රංජිත් මද්දුමබණ්ඩාර, ගරු මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරු ද  සභභාගි වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි