ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

දිනය : 2020-08-27

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති ගරු අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂමන් කිරිඇල්ල, යන මන්ත්‍රීවරුන් නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති.

ඔවුනට අමතරව ගරු චමල් රාජපක්ෂ, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු මහාචාර්ය ජී.ඇල් පීරිස්, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු විමල් වීරවංශ, ගරු මහින්ද අමරවීර, ගරු වාසුදේව නානායක්කාර, ගරු ප්‍රසන්න රණතුංග, ගරු මහින්ද සමරසිංහ, ගරු ගයන්ත කරුණාතිලක, ගරු රවුෆ් හකීම්, ගරු අනුර කුමාර දිසානායක, ගරු ඩිලාන් පෙරේරා, ගරු රිෂාඩ් බදියුදීන්, ගරු ආර්.එම්.රංජිත් මද්දුමබණ්ඩාර, ගරු මනෝ ගනේෂන්, ගරු ඒම්.ඒ.සුමන්තිරන්, ගරු අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි