ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වේ

දිනය : 2020-08-25

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25) පාර්ලිමේන්තුවේදි සිදු විය.

එහිදි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සිදු කෙරිණි. ඉන්පසුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඇතුළු මැති ඇමතිවරුන්ට‍ එම ග්‍රන්ථය පිරිනැමීම සිදු කෙරිණි.

මෙම ග්‍රන්ථයට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා රීතියන් ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත්ව තිබේ.

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි